යොහානිගේ මැණිකේ මගේ හිතේ බොලිවුඩ් චිත්‍රපටයකට.

යොහානිගේ මැණිකේ මගේ හිතේ බොලිවුඩ් චිත්‍රපටයකට.

ශ්‍රී ලාංකීීය යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය හින්දි භාෂාවෙන් නිර්මාණය කර බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඇතුළත් කරගෙන තිබෙනවා.

ඉන්දීය සුපිරි නළුවන් දෙදෙනෙකු වන අජේ දෙව්ගන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා චිත්‍රපටය සදහා රංගනයෙන් දායකත්වය සපයනවා

එම චිත්‍රපටය නම් කර ඇත්තේ, තෑන්ක් ගෝඩ් ලෙසින්.

මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි පිටපත ඉන්දීය ගී පද රචක රෂ්මි විරාග් රචනා කරන අතර, ටනිෂ්ක් බාචි විසින් එහි සංගීතය නිර්මාණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ

එහි රූගතකිරීම් මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

Share This