Wonder Woman 3 මේ වන විට රූපගත කරමින් සිටින බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

Wonder Woman 3 මේ වන විට රූපගත කරමින් සිටින බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

DC Films වලින් ලොවපුරාම ඉතාම ජනප්‍රිය වුණ ෆිල්ම් එකක් තමයි වොන්ඩර් වුමන් කියන්නේ.
විශේෂයෙන් ගැල් ගැඩොට් ප්‍රධාන චරිතය ඉතාම විශිෂ්ඨ අන්දමට රඟපෑම නිසා මේ ෆිල්ම් එක වගේම වොන්ඩර් වුමන් චරිතය බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගත්තා.

ඉතින් පසුගිය දවසක තිබුණ DC ෆෑන්ඩොම් එකේදි වොන්ඩර් වුමන් 3 ෆිල්ම් එකේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව චිත්‍රපටයේ අධ්‍යක්ෂ පැටි ජෙන්කින්ස් කියා සිටියා.

එවගේම වොන්ඩර් වුමන් 2 ෆිල්ම් එකේ එක් දර්ශනයකට පමණක් සිටි ලින්ඩා කාටර්, වොන්ඩර් වුමන් 3 ෆිල්ම් එකේදිත් ඉන්නවා කියලා ඔහු කියනවා.

Lynda Carter, 2018 Met Gala, Red Carpet Fashions

එවගේම 36 හැවිරිදි ගැල් ගැඩොට් මේ වන විට ඇගේ තුන්වන දරුවා ඉපදීමත් සමඟ ගොඩක් බිසි වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ.
කොහොම වුණත් ඇය කියලා තියෙනවා වොන්ඩර් වුමන් 3 ෆිල්ම් එක වෙනුවෙන් ඇය පෙරටත් වඩා කැපකිරිමක් කරනවා කියලා.

Gal Gadot gives birth to third child
Share This