Windows 10 නවතී? මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නිවේදනයක්

Windows 10 නවතී? මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නිවේදනයක්

වින්ඩෝස් 10 යනු මයික්‍රොසොෆ්ට් සමාගම මෙතෙක් නිකුත් කළ ජනප්‍රියතම මෙහෙයුම් පද්ධතිය කිව්වොත් නිවැරදියි.

පහසුකම් රැසක් සමඟ, අඩුපාඩුද අවම කොට නිර්මාණය කරපු මේ මෙහෙයුම් පද්ධතියේ අනාගතය ගැන මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය ඊයේ (2021/11/18) නිවේදනය කළා.

ඒ, මේ වන විට වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය නිකුත් වී තිබීම හේතුවෙන්.

ඔවුන් සඳහන් කරන පරිදි, වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම තවදුරටත් සිදුකෙරෙනු ඇති.

නමුත් වසරකට දෙවතාවක් නිකුත් කළ ප්‍රධාන යාවත්කාලීනයන්, වසරකට එකක් පමණක් වන ලෙස සීමා කිරීමටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

එනම්, මේ වසරේ නොවැම්බර් යාවත්කාලීනයෙන් පසු වින්ඩෝස් 10 සඳහා ඊළඟ යාවත්කාලීනය ලබන වසරේ තුන්වැනි කාර්තුවේදී නිකුත් කරනු ඇති.

මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කරන්නේ වින්ඩෝස් 10 සඳහා සහය දැක්වීම 2025 වසරේ ඔක්තෝබර් 14 වනදායින් අවසන් වන බවයි.

Share This