පැසිෆික් සාගරයේ  සුනාමි තත්ත්වයක්.

පැසිෆික් සාගරයේ සුනාමි තත්ත්වයක්.

පැසිෆික් සාගරයේ පිහිටා ඇති ටොංගා දූපත් රාජ්‍යයට සුනාමි තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ සාගර පත්ලේ පිහිටා ඇති ටොංගා හුංගා ගිනි කන්ද පුපුරායාම හේතුවෙන්.

අනතුරත් සමඟ ෆිජී සහ නවසීලන්තයටද සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

කෙසේවෙතත් ටොංගා රාජ්‍යයට බලපා ඇති මෙම සුනාමි තත්වය හමුවේ ආසියානු කලාපයට කිසිදු අවදානමක් නොමැති බවයි පැසිෆික් සුනාමි අනතුරු ඇගවීම් මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ගිනිකන්ද විදාරණය වීමෙන් කිලෝමීටර් 20 ක් පමණ ඉහළ අහසට නැගුණු අළු සහිත දුමාරය ඊට කිලෝමීටර 65 ක් පමණ ඈතින් පිහිටි ටොංගා දූපතේ අගනුවර වන නුකු-ආ-ලෝෆා ප්‍රදේශයටද පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විනාඩි 8 ක පමණ කාලයක් ගිණි කන්ද පුපුරා ගොස් ඇති අතර එය කිලෝමීටර් 800 කට අධික දුරකින් පිහිටි ෆීජි දූපත් කලාපයට ‍ඝෝෂාකාරී ගිගුරුම් හඬක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

කිලෝමීටර් 2,300 කට වඩා ඈතින් පිහිටි නවසීලන්තයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමටද පියවර ගෙන තිබෙනවා.

Share This