අද සිට දුම්රිය ධාවනය යළි සාමාන්‍ය පරිදි.

අද සිට දුම්රිය ධාවනය යළි සාමාන්‍ය පරිදි.

අද දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා

එහෙත් දුම්රිය ධාවනය යතාවත් කිරීමට පාළනාධිකාරිය කටයුතු නොකරන්නේ නම්, ඉදිරියේදී ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි වෘත්තිය ක්‍රියාමාර්ග වල නිරත වන බවයි එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා සඳහන් කළේ.

මේ අතර, රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ වැඩ තහනම් කෙරුණු මෙම සංගමයේ උප සභාපතිවරයා මේ වන විට විනය කරුණු වලට යටත්ව සේවයේ පිහිටුවා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

මේ හේතුවෙන් පැවති වැඩ වර්ජනය නිසා අවලංගු වූ වෙන් කරගත් අවසර පත්‍ර සඳහා නැවත මුදල් ලබා දෙන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත්, පාර්සල් ප්‍රවාහනය කරන දුම්රිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් එළවලු වැනි භාණ්ඩ තොග අපතේ යාමක්ද සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කරනවා

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හදිසි වැඩ වර්ජනය අවසන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා මේ බව සඳහන් කළා.

Share This