දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වර්ජනයක

පෙර දැනුම්දීමකින් තොරව ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට පාලනාධිකාරිය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

කලින් ආසන වෙන් කිරිමේ කටයුතු වලින් ඉවත් වීමටද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ පස්වරුවේ තීරණය කළා.

තාවකාලිකව අවලංගු කර තිබූ කොළඹ කොටුව සිට බදුල්ල,බෙලිඅත්ත, වව්නියාව, මඩකළපුව සහ ත්‍රීකුණාමලය ඇතුලූ ප්‍රදේශ කිහිපයකට ධාවනය වන දුර ගමන් සේවා දුම්රිය කිහිපයක් අද සිට නැවත ආරම්භ කරන බවට නිවේදනය කර ඊයේ දිනයේදී නැවතත් ඒවා අවලංගු කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

Share This