T20 – පැයකින් වෙනස් වෙයි

T20 – පැයකින් වෙනස් වෙයි


තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වනවා

එහි පළමු තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය රාත්‍රී 8 ට පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය සංශෝධනය කරමින් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ එය රාත්‍රි 7 ට පැවැත්වෙන බවයි.

මේ අතර පසුගිය එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් හැරෙන්නට අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතව ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන කුසල් ජනිත් පෙරේරායි.

කෙසේ වෙතත් දකුනු අප්‍රිකාණු කණ්ඩායමේ යම් වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළ අතර හිටපු නායක ක්වින්ටන් ඩී කොක් ද අද තරගය සඳහා එක්වීමට නියමිතයි.

මේ අතර එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන සංචිතය නම් කිරීම සඳහා අදාල රටවලට ලබා දී තිබූ කාලය අදින් අවසන් වනවා.

බොහෝ රටවල් සිය කණ්ඩායම් මේ වන විටත් නම් කර අවසන් අතර ශ්‍රි ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.

TAGS
Share This