T 20 ශ්‍රී  ලංකාවේ පැවැත්වීමේ හැකියාව ගැන සාකච්ඡා

T 20 ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ හැකියාව ගැන සාකච්ඡා

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙරට ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට හිමිව ඇතත්, එය ඉන්දියාවේ දී පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත්තේ එරට තුළ පවතින කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන්.

ඒ සදහා අවසර ලබා දීමට ජගත් ක්‍රිකට් කවුන්සලයට කටයුතු කළ අතර, තරගාවලිය කුමන රටක පැවැත්වුවද එහි සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනයට හිමි වන බව ද අයි.සී.සීය සදහන් කළා.

ඒ අනුව ඔක්තෝබර් – නොවැම්බර් මාසවල පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීම සම්බන්ධයෙනුයි මෙතෙක් අවධානය යොමුව තිබුණේ.

Share This