සුරූපී නිලි සනී ලියෝන් දියණියගේ උපන්දිනය ජයටම සමරයි.

සුරූපී නිලි සනී ලියෝන් දියණියගේ උපන්දිනය ජයටම සමරයි.

නිල් චිත්‍රපට නිළියක් විදිහට කරළියට පැමිණ ජනප්‍රිය වුවත් පසුව බොලිවුඩයේ සුරූපී නිළියක් බවට පත්වුණු සනී ලියොන් කියලා කිවුවාම ලෝකයේම නොදන්නා කෙනෙක් නැති තරම්.

මොකද ඒ තරම්ම ඇය ජනප්‍රියයි.

සනී ලියෝන්ව දැන්නම් බොහෝ දෙනෙක් දන්නේ දක්ෂ නිලියක් වගේම නර්තනයට අති දක්ෂ බොලිවුඩ් නිලියක් විදිහටයි.

ඇයගේ චරිතයට බොහෝ දෙනෙක් දෝෂාරෝපණ එල්ල කලත් හිත හොඳ නිළියක් වුනු ඇය අනාථ දරුවන්ට වගේම, අසරණ පිරිස් බොහෝ දෙනෙකුට උපකාර කරන කෙනෙක්.

ඉතින් ඇයගේ පළමු දියණියගේ අවුරුදු 6යේ උපන්දිනය වෙනුවෙන් සනී ලියෝන් ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට ආදරණීය සටහනක් සමඟ ඡායාරූප කිහිපයකුත් එකතු කරලා තිබුණා.

නිෂා වෙබර් නම් මගේ විශේෂ දියණියට සුබ උපන්දිනයක්.

ඔබට අද වයස අවුරුදු 6ක් වනවා.
මට ඒක විශ්වාස කරන්න අමාරුයි.
දැන් ඔබ ලොකු ගැහැනු ළමයෙක්.
ඔබේ තාත්තයි මමයි ඔයාට ගොඩක් ආදරෙයි.
ඔයයි අපේ ජීවිතේ ආලෝකය කියලයි ඇය බොහොම සෙනෙහසින් සටහනක් තබා තිබුනා.

Share This