SSPගේ පහරදීමකින් තුවාල ලැබූ කැබිතිගොල්ලෑව වැඩබලන OIC රෝහල්ගත කෙරේ.

SSPගේ පහරදීමකින් තුවාල ලැබූ කැබිතිගොල්ලෑව වැඩබලන OIC රෝහල්ගත කෙරේ.

කැබිතිගොල්ලෑව කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිපතිවරයාට පහරදී තිබෙනවා.

පහරකෑමට ලක්වූ වැඩබලන ස්ථානාධිපතිවරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්ථා වන්නේ.

මේ වන විට එම පොලිස් පරීක්ෂකවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබනවා.

කැබිතිගොල්ලෑව පොලිස් දුෂණ මර්දන ඒකකය විසින් පසුගිය ඉරිදා 22 වනදා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් අවශ්‍ය ලිපිගොනුවක් ලබාගැනීම සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ කාර්යාලයට පැමිණ තිබෙනවා.

එහිදී සැකකරු රක්ෂිත බන්ධනාගාරගත නොකිරීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුකර ඇති බව සදහන්.

Share This