දිය රෙද්ද ඇදලා ඇවිදින්න වුනාම මට ලැජ්ජාවක් දැනුනා – ශ්‍රීමාලි ෆොන්සේකා

දිය රෙද්ද ඇදලා ඇවිදින්න වුනාම මට ලැජ්ජාවක් දැනුනා – ශ්‍රීමාලි ෆොන්සේකා

ආසියානු විවාහක රූ රැජින කිරුල අදින් දස වසරකට පෙර හිමිකරගත් වාසනාවන්තියක් තමයි ශ්‍රීමාලි ෆොන්සේකා කියලා කියන්නේ.

ලස්සන විලාසිතා කරමින් හැමදාමත් හැඩට ඉන්න කැමති කෙනෙක් ශ්‍රීමාලි ෆොන්සේකා.

ඇගේ පෙනුම නිසා නාගරික පන්නයේ චරිතවලට වැඩියෙන් ආරාධනා ලැබෙනවා කියලයි ශ්‍රීමාලි කියන්නේ.

ඒ අතර මේ දිනවල රූගතකරන ටෙලි නාට්‍යයක ගැමි ගැහැණියකගේ චරිතයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් උදාවුනා කියල ඇය කියනවා.

වෙනසකට ඇය එය ආදරයෙන් බාරගෙන තිබෙනවා.

එහි එක් දර්ශනයකදී දිය රෙද්ද ඇදලා ඇවිදින දර්ශනයක් නිසා ලැජ්ජාවට පත්වුනා කියලා තමයි ඇය කියන්නේ.

ඇය මිට ප්‍රථම ඇල දොළ වැව්වල නාලා නැහැලු.

දිය රෙද්ද ඇදලා සෙනග මැද්දෙන් යද්දී පුදුම ලැජ්ජාවක් දැනුනා කියලා තමයි ඇය කියන්නේ.

කොහොම නමුත් බාරගත්ත වැඩ ඉවර වුන ගමන් ඇමරිකාවට යන්න ඇය සුදානමින් ඉන්නේ.

Share This