ඔක්තෝබර් පළමු භාගයේ සංචාරකයන් හත් දහසක් දිවයිනට.

ඔක්තෝබර් පළමු භාගයේ සංචාරකයන් හත් දහසක් දිවයිනට.

මෙම මාසයේ පළමු දින 13 දී සංචාරකයින් 7,096 ක් මෙරටට පැමිණ තිබෙනවා.

එම අමාත්‍යංශය සඳහන් කළේ ඉන්දියාව, කසකස්ථානය, ජර්මනිය, යුක්රේනය, චීනය, කැනඩාව, ඇමෙරිකාව, ප්‍රංශය සහ රුසියාව යන රටවලින් එම සංචාරකයින් පැමිණ ඇති බවයි.

මෙම වසරේ මේ දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයන් ගණන 45,413 ක්.

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ සංචාරකයන් පැමිණීමේ ප්‍රවණතාවයක් පවතින බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ.

ඉදිරි මාස දෙක තුළ සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මකයි.

සංචාරක හෝටල්, වාසස්ථාන හා සංචාරක සේවා සපයන්නන් – සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය සඳහා මෙම දිනවල විශේෂ උනන්දුවක් දක්වන බවද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා.

Share This