IPL තරගාවලියෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

14

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා ලකුණු 13ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 137ක් පමණයි.

ඒ අනුව මෙම තරග වාරය යටතේ හයිදරාබාද් කණ්ඩායම ක්‍රීඩා කළ තරග තුනම ඔවුන් පරාජයට පත්ව තිබෙනවා.
මෙම ජයත් සමගින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද සමත් වුණා.

 

Your Comments