ෆකාර් සමාන්ගේ විශිෂ්ට ශතකය අපතේ යයි

8

පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ගේ ලකුණු 193ක විශිෂ්ට ඉනිම අපතේ යවමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ජොහැනස්බර්ග්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 341ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 324ක් පමණයි.

සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරත වූ ෆකාර් සමාන් පන්දු 155කින් ලකුණු 193ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 10ක් සහ හතරේ පහර 18ක් ඇතුළත්.

ඔහු රැස් කළ ලකුණු 193 වාර්තා අතරට එක් වුණේ එක්දින තරගයක ලකුණු සංඛ්‍යාවක් හඹා යාමේ දී පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

Your Comments