ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරිරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය මැයි මස 12 වනදා

4

දිස්ත්‍රික් හා ව්‍යවස්ථාපිත සංගම් 8ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරිරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය මැයි මස 12 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සභාපති ධුරය සදහා නාම යෝජනා තුනක් මේ වන විට ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

සම්මේලනයේ හිටපු ලේකම් නිහාල් වීරතුංග මහතා ද සභාපතිධුරය සදහා නාම යෝජනා භාර දී තිබෙනවා.
එම නිලවරණයේ දී කාය වර්ධන සම්මේලනයේ විධායක සභාවේ තනතුරු රැසක් පත් කිරීමට ද නියමිතයි.

මේ අතර කාය වර්ධන සම්මේලනයේ සිදුව ඇතැයි කියන රුපියල් මිලියන 2කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එහි හිටපු සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතාගෙන් ක්‍රිඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ෂණ ඒකකය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

 

 

Your Comments