මුරලි චෙන්නායිහි රෝහලකට

7

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඇතුලත් කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කලේ ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක ඇති වු ගැටලුවකට සුළු ශෛල්‍යකර්මයක් සිදු කිරීම සඳහා ඔහු මෙලෙස රෝහල් ගතවී ඇති බවයි.

මුරලිදරන් මේ වනවිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගීවන සන් රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

Your Comments