බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට කොරෝනා දෙවන එන්නත

8

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මේ වන විට කොරෝනා වෛරසයට එරෙහි එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා.

ඊයේ දිනයේදී ඔවුන්ට මෙලෙස එන්නත ලබා දී ඇති අතර හෙට දිනයේ ශ්‍රී ලංකාවේ සංචාරය ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ඔවුන්ට ලබා දී තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදියි.

මේ අතර බංග්ලාදේශ සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කිරීම හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ලසිත් ඇඹුල්දෙණිය සහ පැතුම් නිශ්ශංකගේ ආබාධිත තත්වයන් පිළිබඳ වෛද්‍ය වාර්තා ලැබුණු පසු ශ්‍රි ලංකා සංචිතය පිලිබද අවසන් තීරණයක් ගන්නා බවයි තේරීම් කමිටුවේ ප්‍රධානී ප්‍රමෝදය වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

Your Comments