පාකිස්තානයට විශිෂ්ඨ ජයක්

9

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

සෙන්චූරියන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු‍ 5ක් දැවී ලකුණු 203ක් රැස් කළා.

ඒ අනුව පාකිස්තානයට ලකුණු 204 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 18ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එය පාකිස්තාන කණ්ඩායමක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.

පන්දු 59 කින් වේගවත් ලකුණු 122ක් රැස් කළ නායක බබාර් අසාම් පාකිස්තාන ක්‍රිකට් වාර්තා අතරට එක්වුණේ 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ තෙවැනි පාකිස්තාන ක්‍රීඩකයා ලෙසයි.

මොහොමඩ් රිස්වාන් පන්දු 47කින් නොදැවී ලකුණු 73ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 197ක්.

ඒ අනුව මේ වන විට දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2ට 1ක් ලෙස පාකිස්තාන කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.

 

Your Comments