පකිස්තාන ක්‍රීඩකයන්ට ඉන්දියාවට ඒමට අවසර

7

පාකිස්තාන ක්‍රීඩකයින්ට අවශ්‍ය වීසා නිකුත් කිරීමට හැකියාව පවතින බවට ඉන්දීය රජය විසින් දැනුම් දී තිබෙනවා.

ඒ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීම සදහායි.

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන රැස්වීමකදී එහි ලේකම් ජයි ෂාහ් විසින් මේ බව ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

20යි 20 ලෝක කුසලානය ක්‍රීඩාංගන 9කදී පැවැත්වීමට ද මෙහිදී එකගතාවය පලව ඇති බව සදහන්.

ඒ අනුව ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයේ දී අවසන් මහා තරගය පැවැත්වීමට තීරණය කර ඇති අතර, දිල්ලි, මුම්බායි, චෙන්නායි, කොල්කටා, බැංගලෝර්, හයිදරාබාද්, ධරම්සාලා සහ ලක්නව් යන ක්‍රීඩාංගනවලදී ද තරග පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන මතභේද හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම 2012 වසරෙන් පසුව මෙතෙක් ඉන්දියාවේ දී ද්විපාර්ශ්වික තරගාවලියක් සදහා ක්‍රීඩා කර නැහැ.

Your Comments