දකුණු අප්‍රිකාව සමග පැවැති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායමට ජය

12

දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 4කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 1 ක් ලෙස ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් පාකිස්තානය කඩුලු 3ක ජයක් වාර්තා කරමින්.

සෙන්චූරියන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 144ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

Your Comments