තරුණියකට අතවර කල ක්‍රීඩකයෙකු ගැන විමර්ෂණ

13

මාතර ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිඩකයෙකු පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කලේ මෙම සිද්ධිය පිළිබඳව ක්‍රිකට් ආයතනයට මේ දක්වා නිල වශයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති වුවද ජනමාධ්‍ය වාර්තා සහ සෙසු වාර්තා පදනම් කරගෙන අදාළ පරීක්ෂණය ආරම්භ කරන බවයි.

පසුගිය අලුත් අවුරුදු සමයේ මාතර ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක පැවැති සාදයකට එක් වු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරුවෙකු එම සාදයට එක්ව සිටි තරුණියකට බීමතින් අතවර කිරීමේ සිද්ධියක් පිළිබදව සාමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා.

Your Comments