චෙන්නායි සුපර් කිංග්ස් හට කඩුලු 6ක ජයක්

4

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වන තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 106ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Your Comments