ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද චෙන්නායිහී දී.

3

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද චෙන්නායිහී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

 

පළමු තරගය රෝහිට් ෂර්මා නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භයේ දී ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව තරග පැවැත්වීමටයි කටයුතු සැලසුම් කර ඇත්තේ.

මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියට එක්වන්නේ අඛණ්ඩව තෙවැනි වරට සහ ඉතිහාසයේ 6 වැනි වරට අයි.පී.එල් ශූරතාව ජය ගැනීමේ අරමුණින්.

අවසන් වටයේ තරග අහ්මදාබාද් හී දී පැවැත්වීමට තීරණය කර ඇති අතර, මූලික වටයේ දී සියලු කණ්ඩායම් ක්‍රීඩාංගන 4කදී තරග වදිනු ඇති.

අවසන් මහා තරගය මැයි 30 වනදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

 

Your Comments