අයි.පී.එල් පලමු තරගයේ ජය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට

1

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දනාගත් බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

පන්දු යැවීමෙ දී හර්ෂාල් පටෙල් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 27ක් පමණක් ලබා දෙමින්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව අයි.පී.එල් තරගයකදී කඩුලු 5ක් දවා ගත් පළමු පන්දු යවන්නා ද ඔහු වීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වෙන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.

 

Your Comments