ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟය ඊයේ බටහිර ඉන්දීය කොදෙව් හි දී පැවැත්වුණා.

ඒ, ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 218ක්.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 178ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සකුන නිදර්ශන ලකුණු 85ක් රැස්කරගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 27ට කඩුලු 5ක් දවා ගත්තා.

Share This