රුසියාවට යළිත් අනතුරු ඇඟවීම්

රුසියාවට යළිත් අනතුරු ඇඟවීම්

යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව සැලසුම් කරමින් සිටින බවට අමෙරිකාව චෝදනා කරනවා.

යුක්රේනය තම රටට ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන්නේ යැයි චෝදනා කිරීම සඳහා රුසියාව සැලසුම් කරමින් සිටින බවයි පෙන්ටගනය පවසන්නේ .

නමුත් රුසියාව එම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් තම නිල වෙබ් අඩවි රැසකට එල්ල වූ සයිබර් ප්‍රහාර පසුපස සිටින්නේ රුසියාව බවට යුක්රේනය චෝදනා එල්ල කළා.

ඊයේ එල්ල වූ එම ප්‍රහාරයෙන් වෙබ් අඩවි ක්‍රියා විරහිත වීමට පෙර, ”නරකම දේ සඳහා සූදානම් වන්න” යැයි යුක්රේනයට අනතුරු ඇඟවීමේ පණිවිඩයක් දිස් වූ බව ද ඔවුන් පවසනවා.

එක්සත් ජනපදය සහ නේටෝ සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දකින අතර ඔවුන් යුක්රේනයට සිය සහය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Share This