සූකර හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

සූකර හදවතක් මිනිසෙකුට බද්ධ කරයි

ජාන වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කිරීමේ පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වනවා.

මෙලෙස හදවත බද්ධ කර ඇත්තේ, ඩේවිඩ් බෙනට් නමැති 57 හැවිරිදි පුද්ගලයෙකුටයි.

මෙම සුවිශේෂ ශෙල්‍යකර්මය සිදුකිරීම සඳහා අදාළ වෛද්‍යවරුන්ට ඇමරිකානු වෛද්‍ය නියාමන අධිකාරියේ විශේෂ අනුමැතියක් හිමිවූ අතර, ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කළ ප්‍රථම වතාව මෙය බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ශල්‍යකර්මය සිදුකර මේ වන විට දින 3 ක් ගතවී ඇති අතර ඩේවිඩ් බෙනට් නිරෝගී සුවයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසන්නේ, දීර්ඝ කාලීනව සිදුවිය හැකි බලපෑම් පිළිබඳව තවමත් කිව නොහැකි බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හදවත් බද්ධ කරගැනීමට නොහැකි වීමෙන් දිනකට පුද්ගලයන් 17 දෙනෙකු මියයන අතර, ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මේ වන විටත් සැත්කම් සිදුකරගැනීමේ ලැයිස්තුවේ සිටින බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙන්නේ.

Share This