P 627 නෞකාව “විජයබාහු” නමින් අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රදානත්වයෙන්[PHOTOS]

P 627 නෞකාව “විජයබාහු” නමින් අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රදානත්වයෙන්[PHOTOS]

සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීම උදෙසා සහ හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට වෙත ප්‍රදානය කළ P 627 නෞකාව “නාවික නෞකා විජයබාහු” නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහර පර්යන්තයේ දී සිදු විය.

නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක මහතා වෙත භාරදීම මෙහිදී සිදු කෙරිණි.

අනතුරුව “විජයබාහු” නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Share This