NMRA ක්‍රියාකාරිත්වය සොයා බැලීමට පත්කළ පංච කමිටු අතුරු වාර්තාව රාජ්‍ය ඇමතිට

NMRA ක්‍රියාකාරිත්වය සොයා බැලීමට පත්කළ පංච කමිටු අතුරු වාර්තාව රාජ්‍ය ඇමතිට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ පංච පුද්ගල විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත අද භාර දෙනු ලැබුවා.

2015 වසරේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා වූ කාල සීමාව තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳවයි එම කමිටුව මඟින් විමර්ශණය කර ඇත්තේ.

කමිටු වාර්තාව එහි සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පිළිගන්වා තිබෙනවා.

Share This