Moon Knight කථාමාලාව එළිදක්වන්නත් කලින් එහි ප්‍රධාන චරිතයක් මියයයි

Moon Knight කථාමාලාව එළිදක්වන්නත් කලින් එහි ප්‍රධාන චරිතයක් මියයයි

ළඟදීම එන්න නියමිත Moon Knight කථාමාලාවේ රඟපෑ Gaspard Ulliel මියගොස් තිබෙනවා.

හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නිරත වීමේදී සිදුවූ අනතුරකින් මෙලෙස ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

37 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු වන ඔහු හිම මත ලිස්සා යාමේදී තවත් ක්‍රීඩකයෙකු හා ගැටී සිදුවූ අනතුරකින් මොළයට සිදුවූ තුවාලයක් ඔහු මිය යාමට හේතුව බවයි වෛද්‍යවරුන් කියා සිටියේ.

අනතුර සිදුවී ඔහුව ගුවනින් රෝහලට රැගෙන එන විටත් මියගොස්ව සිටි බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Moon Knight' Star Gaspard Ulliel Dead At 37
Share This