රජයේ සේවකයෙක් මාසෙම වැඩ කරලා හොයන මුදල් එක දවසකින් හොයනවා  – මේධා ජයරත්න

රජයේ සේවකයෙක් මාසෙම වැඩ කරලා හොයන මුදල් එක දවසකින් හොයනවා – මේධා ජයරත්න

නම කිවූ සැනින් හඳුනාගන්න පුලුවන් ජනප්‍රය නිවේදිකාවක් වගේම දක්ෂ රංගන ශිල්පිණියක් තමයි මේධා ජයරත්න කියලා කියන්නෙ.

ඇය නිවේදිකාවක් ලෙස කාලෙකින්නම් දකින්න ලැබුනේ නැහැ.

ඒ් වගේම ඇය මේ දිනවල සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක්වන චරිතයක්.

මේධා විවාහ වුනේ මෙරට කලා ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක් සමඟ.

නමුත් පසුව ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන් වෙනවා.

ඔවුන් දෙපළට දරුවන් දෙදෙනෙකුත් සිටිනවා.


ඉතින් මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පසුගිය දවසක සදහන් කරලා තිබුනා.

ගැහැනියක් තනියම ඉන්නකොට ඇතැමුන් හිතනවා අපිට කිසිම හව්හරණක් නැහැ, අපි අසරණයි, ඔවුන්ගේ මුදල්වලට අපේ ජීවිත ගන්න පුලුවන් කියලා.

සමහරු එක එක කතා හදනවා. විවිධ යෝජනා කරනවා.

මගේ ජීවිතයට ආදරයක් රැකවරණයක් තියෙනවා. මම වැඩ කරන්නේ මගේ කාලය නිකරුණේ ගත වෙන නිසා.

මට ජීවත් වෙන්න පුළුවන්. ආර්ථික පැත්තෙන් මම වැටිලා නැහැ. කාගෙවත් දේවල් අරන් ජීවත් වෙන්නවත් කාගෙවත් යෝජනාවලට අවනත වෙන්නවත්, කාගෙවත් පිළිසරණ පතන්නවත් මට ඕන නැහැ කියලා තමයි ඇය කියන්නේ.

රජයේ සේවකයෙක් මාසෙම වැඩ කරලා හොයන මුදල් අපි එක දවසකින් හොයන අවස්තාත් තියෙනවා කියලයි ඇය කියන්නේ.

Share This