LTTE සාමාජිකයන් ගැන ඉන්දීය විමර්ෂණවලට ලක් රජයේ සහය…

LTTE සාමාජිකයන් ගැන ඉන්දීය විමර්ෂණවලට ලක් රජයේ සහය…

පාකිස්ථානයේ සිට අවි ආයුධ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු LTTE සාමාජිකයින් පිළිබඳ සිදුකෙරෙන විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවට මෙරට ආරක්ෂක අංශ විසින් සහතික වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ශ්‍රී ලංකා රජයේ සහය ලබාගැනීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනෝන්‍ය නීති ආධාර ගිවිසුම යටතේ අදාළ සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා එම ඒජන්සිය විසින් ශ්‍රී ලංකා රජයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය මඟින් එම සහයෝගය ලබාදීමට නියමිත අතර බුද්ධි අංශවල සහය ද ඊට හිමිවනු ඇති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඊට අදාළ සහය ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දූව මහතා සඳහන් කළා.

Share This