LPL ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් නැහැ – රෝහිත රාජපක්ෂ කියයි

LPL ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් නැහැ – රෝහිත රාජපක්ෂ කියයි

ඉදිරියේදී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට සුදානම් වන බවට සහ ක්‍රිකට් පරිපාලනයට එක්වීමට අදහස් කරගෙන ඇති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව රෝහිත රාජපක්ෂ මහතා පවසනවා.

වෙබ් අඩවි කිහිපයක් තමන් පිළිබඳව අසත්‍ය පුවත් පළකර තිබෙන බවයි ඔහු කියාසිටියේ.

” මම ක්‍රීඩාවක් කරනවානම් එය 100% ක් කැපවෙනවා. මොකද මම ඒ ක්‍රීඩාවට ආදරය කරන නිසා. ක්‍රිකට් පරිපාලනයට එන්න හෝ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මේ වැරදි පුවත පලකළ කිසිම මාධ්‍ය ආයතනයක් මගෙන් ඒ ගැන විමසුවේ නැහැ.”

ඔක්තෝම්බර් 30 සහ 31ක් වෙනිදා පවත්වන්න නියමිත සත් සාමාජික රගර් තරගාවලියට මම දැනට අවදානය යොමු කරල තියෙන්නේ .

නමුත් දැනට මම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා. ඒ මගේ ආදී තෝමියන් ක්‍රිකට් කණ්ඩායමත් එක්ක” යැයි රෝහිත රාජපක්ෂ මහතා පවසනවා.

Share This