“Leak” වුණ ෆොටෝ ඉවත් කරන්න ෆේස්බුක් එකෙන් අලුත් ක්‍රමයක්

“Leak” වුණ ෆොටෝ ඉවත් කරන්න ෆේස්බුක් එකෙන් අලුත් ක්‍රමයක්

තාක්ෂණය… ස්මාට්ෆෝන් එක මිනිසුන්ට උදව්වක් වුණත්, ඒක නරක පැත්තට හැරෙන අවස්ථා අපි ඕන තරම් දකිනවා.

විශේෂයෙන්ම පෞද්ගලික ඡායාරූප, අවසරයකින් තොරව තෙවන පාර්ශවයක් විසින් අන්තර්ජාලයට, එහෙම නැත්නම් සමාජ ජාල වලට එකතු කරන එක.

ඉතින් මේවා බොහෝ විට මැසේජ් විදියට එකිනෙකා අතර ෂෙයා වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා රිපෝට් කරන්න හැකියාවකුත් නෑ.

මේකට විසඳුමක් විදියට මේටා සමාගම ඔවුන්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සේවාවලට අලුත් “හඳුනාගැනීමේ තාක්ෂණයක් එකතු කර තිබෙනවා.

ඒ, තමන්ගේ නිරුවත් ඡායාරූප වෙනත් පාර්ශවයක් විසින් එම සේවාවන් දෙක තුළ පළ කළොත්, ඒවා ස්වයංක්‍රීයවම ඉවත් කරන්න මේ ක්‍රමයට පුලුවන් වෙනවා.

මේකට කරන්න තියෙන්නේ www.StopNCII.org කියන වෙබ් අඩවියට ගිහිල්ලා අදාළ ඡායාරූපය ඉදිරිපත් කරලා පැමිණිල්ලක් දාන එක.

මේකෙදි ඡායාරූපය අප්ලෝඩ් වීමක් සිදුවෙන්නේ නෑ. ඒක නිසා මේක කාටවත් පේන්නේ නෑ. මේකෙදි වෙන්නේ ඡායාරූපයට අදාළ HASH එකක් නිර්මාණය වීමයි. ඒක එතකොට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වල ෆොටෝ ස්කෑන් කරලා බලලා, ඔයාගේ ෆොටෝ එකට සමාන Hash තියෙන ෆොටෝ තියෙනවා නම්, ඒවා ඉවත් කරනවා.

ඉතින් මේක තාක්ෂණයේ ලොකු පිම්මක් කියලා තමයි අදාළ සමාගම් දෙක සඳහන් කරන්නේ.

Share This