Leak වුණු Photo Share කරන්න එපා ! ජැක්ලින් ඉල්ලයි ..

Leak වුණු Photo Share කරන්න එපා ! ජැක්ලින් ඉල්ලයි ..

ජැක්ලින් ෆර්නැන්ඩස් කියන්නේ අපේ රටේ ඉපදී ඉන්දියාවේ බොලිවුඩ් සිනමා ජයගත් දක්ෂ නිලියක්.

ශ්‍රී ලාංකික පියෙකු සහ මැලේසියානු ජාතික මවකට දාව කොළඹ දී උපත ලැබු ඇය හැදී වැඩෙන්නේ බහරේනයේ.

ඉන්දියාවේ සහ ලංකාවේ බොහෝ ජනප්‍රියත්වයකට පත්වුන ඇලඩින් හා ජානේ කහාන් සේ ආයා හේ චිත්‍රපට වල ඇය රංගනයේ යෙදුනා.

2012 දී තිරගත වූ හවුස් ෆුල් 2 චිත්‍රපටයේ සහ 2013 දී තිරගත වූ රේස් 2 චිත්‍රපටයේද ප්‍රධාන නිලිය රඟ පෑ ඇය බොලිවුඩ් සිනමාවේ සමකාලීන නිලියන්ට එල්ල කලේ ප්‍රභල අභියෝගයක්.

ඒ වගේම ඇය සමාජ ක්‍රියාකාරිනියක ලෙසත් සන්නාම තානාපතිනියක් ලෙසත් කටයුතු කරනවා.

මේ අතරේ මූල්‍ය වංචාවකට ‌චෝදනා ලබා සිටින සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් මහත් මානසික පීඩාවකට ලක්ව සිටින බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක තබමින් සදහන් කොට ඇත්තේ එම ජායාරූප බෙදාහැරීමෙන් වැළකී සිටින ලෙසයි.

“මගේ පෞද්ගලිකත්වයට සහ පුද්ගලික අවකාශයට බාධා කරන ආකාරයේ ඡායාරූප ප්‍රචාරය නොකරන ලෙස මම මගේ මාධ්‍ය මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම විශ්වාසය සමඟයි. ඔබ ඔබේම ආදරණීයයන්ට මෙය නොකරනු ඇත, ඔබ මට මෙය නොකරන බව සහතිකයි. ස්තූතියි,” කියල ඇය අවසන් සටහන් කර තිබෙනවා.

Share This