
L P L ප්‍රසාද ලකුණු සටහනේ දඹුල්ල අවුරා පෙරමුණ ට.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ අවසන් වුණා.
මූලික වටයේ තරග 20 අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට සමත් වුණේ කුසල් මෙන්ඩිස් නායකත්වය දරන දඹුල්ල අවුරා කණ්ඩායමයි.
ඔවුන් ක්‍රීඩා කළ තරග 8 න් තරග 6 ක් ජය ගැනීමට සමත් වුණා.
දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට දසුන් ශානක මෙහෙයවන ගෝල් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලැබූ කඩුලු 8ක විශිෂ්ඨ ජයග්‍රහනයත් සමගයි.
ඒ අනුව ගෝල් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 8 න් ජය ගත් තරග ගණන 4 ක්.
හෙට පැවැත්වෙන අවසන් වටයේ පළමු තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ දඹුල්ල හා ගාල්ල යන කණ්ඩායම් දෙකයි.
එම තරගය පස්වරු 3 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
තරග 8 න් තරග 4 ක් දිනූ බී- ලව් කැන්ඩි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අටහර තරග 8 න් 3 ක් ජය ගත් තිසර පෙරේරා මෙහෙයවන ලයිකා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානය හිමි කර ගත්තා.