
IPL තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය
IPL තරගාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගය ලකුණු 81 කින් ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති.
මෙම තරගය ජයගැනීමත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හෙට පැවැත්වෙන තුන්වන අවසන් පූර්ව තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරගවැදීමට නියමිතයි.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන ඉරිදා දිනයේ පැවැත්වෙන IPL තරගාවලියේ අවසන් මහා තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.
ඊයේ පැවති තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 182 ක් රැස්කළා.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට සියලූදෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 101 ක් පමණයි.