
IPL ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ නිවේදනයක්
මෙවර ඉන්දීය ප්‍රිමියලීග් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද නිවේදනය කළා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර් නැවත වරක් රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
එසේම එම කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ප‍්‍රවීණ ක්‍රීඩක ලසිත් මාලිංග පත් කිරීමටයි රාජස්ථාන් රෝයල් කළමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.
ඔවුන් ද ඇතුළුව රාජස්ථාන් කණ්ඩායමේ සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලය දස දෙනෙකුගෙන් සමන්විතයි.