IPL අවසන් සටන චෙන්නායි සුපර් කින්ග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් අතර

IPL අවසන් සටන චෙන්නායි සුපර් කින්ග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් අතර

මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුනා.

ඒ ඊයේ සාජා හි පැවති ප්ලේ ඕෆ් තරග වටයේ අවසන් තරගයෙන් දිල්ලි කැපිටල්ස් පිළට එරෙහිව කඩුළු 3 ක ජයක් ලැබීමත් සමගයි.

කාසියේ වාසිය දිනු කොල්කටා පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කලේ.

ඒ අනුව දිල්ලි පිල නියමිත පන්දුවාර 20 තුල කඩුලු‍ 5 ක් දැවී ලකුණු 135 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිළ පන්දුවාර 19.5 කදී කඩුළු 7 ක් දැවී ලකුණු 136 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

කොල්කටා පිළ වෙනුවෙන් සාර්ථක ආරම්භක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ෂුබ්මන් ගිල් හා වෙන්කටේෂ් අයියර් සමත්වුනා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 96 ක්.

මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය හෙට ඩුබායී හිදි පැවැත්වීමට නියමිතයි.

චෙන්නායි සුපර් කින්ග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් එහිදී තරග වදිනු ඇති.

Share This