ඉන්දීය ජනරජ දිනය ඉලක්ක කළ ප්‍රහාරය ව්‍යාර්ථ වෙයි

ඉන්දීය ජනරජ දිනය ඉලක්ක කළ ප්‍රහාරය ව්‍යාර්ථ වෙයි

නැගෙනහිර දිල්ලියේ ජනප්‍රිය මල් වෙළඳපොලක් ආසන්නයේ දමා ගිය බෑගයක තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් අද උදෑසන සොයා ගෙන තිබෙනවා.

විශාල ජනකායක් ඇදී එන ගාසිපූර් වෙළඳපොලේ අටවන ලද බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිසිය විසින් පාලනය කරන ලද පිපිරීමක් ද සිදු කර තිබුණා.

මෙමස 26 වන දිනට යෙදී ඇති ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවය ඉලක්ක කර ගනිමින් මෙම ත්‍රස්ත ප්‍රයත්නය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා

දිල්ලි සහ උත්තර් ප්‍රදේශ් මායිම් අසල පිහිටි මෙම වෙළඳපොලේ පාලිත පිපිරීම සිදු කිරීමට අඩි අටක වළක් සැකසීමට ද ආරක්ෂක අංශ වලට සිදුවුණා.

උපරිම හානියක් සිදු කළ හැකි මෙම බොම්බයට ටයිමරයක් ද සවි කර තිබූ බව සඳහන්.

වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය වලින් සකසා තිබූ බෝම්බය බෑගයක් තුළ දමා මෙම වෙළඳසැල අසල දමා ගිය පුද්ගලයා උදෑසන 9.30 ට පමණ ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් වෙළඳපොළට පැමිණ ඇති බවයි දිල්ලි පොලිස් කොමසාරිස් රාකේෂ් අස්තානා මහතා මාධ්‍ය වෙත කියා සිටියේ.

සැකකරු සොයා වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි

Share This