IMF ණය ගැන පසු විපරම් කමිටුවක්

IMF ණය ගැන පසු විපරම් කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා පසු විපරම් කමිටුවක් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පත් කර තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් මෙම කමිටුවේ සාමාජිකයන් වනවා.

ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව කටයුතු කරන ආකාරය ගැන යෝජනාවක් ද කැබිනට් මණ්ඩලයට යොමු කර ඉදිරියේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද නියමිතයි.

අයි.එම්.එෆ් කොන්දේසි ක‍්‍රියාත්මක කිරීම ගැන සොයා බලමින් මාසකට වරක් මෙම කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුවට උපදෙස් ලබා දී තිබෙනවා.

Share This