
IMF ගිවිසුමට සමගි ජන බලවේගයේ විරෝධය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.
අත්තනෝමතික ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් ගෙන එනු ලබන සියලූ යෝජනාවලට කොන්දේසි විරහිතව එකඟවීමට ආණ්ඩුවට සිදුව ඇති බව පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනුව සිදුකල යුත්තේ විනිවිදභාවයකින් සහ රටට ජයග‍්‍රහණ අත්පත් කරගත හැකි වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරමින් වුවත් එය සිදුව නොමැති බවයි එහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරුන් සඳහන් කර ඇත්තේ.