බංගලාදේශයේ විරෝධතායකට පොලීසියෙන් වෙඩි.

4

බංග්ලාදේශයේ ගල් අඟුරු බලාගාරයක සේවකයින් පිරිසක් සිදුකළ විරෝධතාවකට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

 

තවත් බොහෝ පිරිසක් ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීන ආධාර යටතේ පවත්වාගෙන යන මෙම ගල් අගුරු බලාගාරයේ සේවකයින් විරෝධතාවයේ නිරත වී ඇත්තේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින්.

පොලීසිය ප්‍රකාශ කරන්නේ අදාළ ගල් අඟුරු බලාගාරයට එම පිරිස පහරදීම හේතුවෙන් වෙඩි තැබීමට සිදු වු බවයි

Your Comments