මගීන් 85ක් රැගත් ඉන්දීය යානයක් ගිනි ගනී

මගීන් 85ක් රැගත් ඉන්දීය යානයක් ගිනි ගනී

මගීන් 85 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගිනි ගැනීමට ලක්ව තිබෙනවා

එයා ඉන්දියා ගුවන් සමාගමට අයත් මෙම ගුවන් යානය මුම්බායි සිට ජම්මු නගර් වෙත පියාසර කිරීමට නියමිතව තිබුණා

ගුවන් ධාවන පථයේ සිට පියාසර පථය දක්වා ආධාරක රථයකින් රැගෙන යමින් සිටියදී මෙම ගිනිගැනීම හටගෙන ඇති බවයි ඉන්දීය බලධාරීන් උපුටා දක්වමින් එරට පුවත් සේවා වාර්තා කළේ

අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, ගින්න නිවා දැමීම සඳහා ගුවන් තොටුපළ බලධාරීන් සහ ඉන්දීය ගිනි නිවීම් ඒකකය සමත් වී තිබෙනවා.

Share This