
Facebook සහ Instagram ගිණුම් verify කර ගැනීමට පහසු ක්‍රමයක් Meta හදුන්වාදෙයි.
තම ගිණුම් සහතික කිරීමේ වෙරිෆිකේෂන් සහතිකය ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට මුදල් ගෙවා මිලදී ගැනීමේ පහසුකම ලබාදීමට එම සමාජ මාධ්‍ය අයත් Meta සමාගම තීරණය කර තිබෙනවා.
Meta Verified ලෙස හඳුන්වන ගෙවිම් ක්‍රමවේදය මාසික දායකත්ව මුදලක් ලෙස ගෙවිය යුතු අතර අයි ෆෝන් පරිශීලකයින් සඳහා අමෙරිකානු ඩොලර් 14.99ක මුදලක් සහ වෙබ් පරිශීලකයින් සඳහා ඇමෙරිකානු ඩොලර් 11.99ක මුදලක් ගෙවීමෙන් මෙම පහසුකම ලබාගත හැකි බවයි Meta සමාගම පවසන්නේ.
මෙම පහසුකම ලබන සතියේ සිට ප්‍රථමයෙන්ම ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත පරිශීලකයින් හට හිමිවන අතර ඉන්පසු ක්‍රමයෙන් සෙසුු රටවල් සඳහාද හඳුන්වා දීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.