EPF – ETF ණය කප්පාදු කිරීම වැළැක්වීමේ  පෙත්සම සළකා බැලීම ලබන මස 27 වැනිදා.

EPF – ETF ණය කප්පාදු කිරීම වැළැක්වීමේ පෙත්සම සළකා බැලීම ලබන මස 27 වැනිදා.

සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම ලබන මස 27 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි.

අදාළ පෙත්සම සදහා සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම වෙනුවෙන් කාලය ලබා දෙන්නැයි නීතිපතිවරයා අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ලබා දුන් බව සදහන්.

අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ, එහි ලේකම් ජනක අධිකාරි යන මහත්වරුන් ඇතුළු හය දෙනෙකු වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

Share This