කොරෝනාවෙන් මියයාමට හේතු වන ජානයක් ගැන නව අනාවරණයක්

කොරෝනාවෙන් මියයාමට හේතු වන ජානයක් ගැන නව අනාවරණයක්

කොවිඩ් වෛරසයෙන් අසාධ්‍ය තත්වයට පත්වීම සහ මියයාමට හේතුවන ජානයක් පිළිබඳව පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් පිරිසක් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

පෝලන්තයේ බියලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක විසින් මෙම සොයාගැනීම සිදු කර තිබුණා.

එම ජානය සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ විට රෝගී තත්වය උත්සන්න වියහැකි බවයි ඔවුන්පෙන්වා දෙන්නේ.

යුරෝපයේ ජනගහණයෙන් සියයට 9ක මෙන්ම පෝලන්ත ජනගහණයෙන් සියයට 14ක මෙම ජානය පවතින බව හෙළි වී තිබෙනවා.

වසංගත තත්වය දරුණු අන්දමින් පැවති පෝලන්තයේ මේ වනවිට කොවිඩ් ආසාදිතව මියගිය සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.

ඉන්දීය ජනගහණයෙන් සියයට 27ක් සතුව මෙම ජානය පවතින බව ඔවුන් පවසනවා.

කෙසේ නමුත් මෙම ජානය කොවිඩ් උත්සන්න වීමේ සිව්වන ප්‍රභලතම හේතුව බවයි පෝලන්ත විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

කොව්ඩ් වෛරසය උත්සන්න වීමට සහ එයින් මරණයට පත්වීමට බලපාන මුල් කරුණු තුන වන්නේ වයස, බර සහ ස්ත්‍රී පුරුෂ භාවයයි.

Share This