ගුවන් මගීන්ගෙන් සියයට 4 ක් ඔමික්‍රොන් ආසාදිතයින් – සෞඛ්‍ය වෘත්තීය සමිති

ගුවන් මගීන්ගෙන් සියයට 4 ක් ඔමික්‍රොන් ආසාදිතයින් – සෞඛ්‍ය වෘත්තීය සමිති

ශ්‍රී ලංකාවට වරකදී පැමිණෙන ගුවන් මගින්ගෙන් සියයට 4 ක පමණ පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයන් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ගතවූ සති කිහිපය තුලදී හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ දත්ත අනුව ඒ බව නිරීක්ෂණය වන බවයි.

මෙම තත්ත්වය අවම කර ගැනීම සදහා රටට ඇතුලුවීමේදී සිදුකරන PCR පරීක්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ මගින් මෙම PCR පරීක්ෂණ ඉවත් කර තිබීම රටට සෞඛ්‍යමය වශයෙන් මෙන් ම ආර්ථික වශයෙන් ද අවාසිදායක වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ අවධාරණය කළා.

TAGS
Share This