CID භාරයේ පසුවන සැකකරුවෙකුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස රීට් පෙත්සමක්

CID භාරයේ පසුවන සැකකරුවෙකුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස රීට් පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික‍්‍රමරත්න හෙවත් හරක් කටා නමැති සැකකරුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අදාළ සැකකරුගේ පියා වන නෙල්සන් මර්වින් වික‍්‍රමරත්න මහතා විසින්.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව සදහන්.

Share This