ආරාධනා දෝනි පාසල් යන පලවෙනි දවසේ චතුරිකා පීරිස් කියූ කතාව.

ආරාධනා දෝනි පාසල් යන පලවෙනි දවසේ චතුරිකා පීරිස් කියූ කතාව.

පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක් තමයි ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම චතුරිකා සහ ගයාන් යුවලට මේ වෙද්දී ලස්සන හුරතල් දූ සිගිත්තියක් ඉන්නවා.


මේ කියන්නට යන්නේ ඒ ආරාධනා දෝනි පාසල් යන පළමු දවස ගැන ආරංචියක්.


ආරාධනා දෝනි පාසල් යන පළමු දවස ගැන චතුරිකා පීරිස් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ මෙන්න මේ වගේ සටහනක් එකතු කරල තියෙනවා

ඔයාගේ පළමු පියවර තමයි ඔබේ පෙරපාසලේ පළමු දිනය.
අද ඔයාට වගේම අපිටත් සුවිශේෂී දවසක්.
ඉතින් මගේ පුංචි කුමරියේ ඔයා ගැන විස්වාසය තියා ගන්න.
ඔයාගේ අලුත් ගමන ආරම්භ කරන මේ මොහොතේ එය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඔයාගේ අම්මයි තාත්තයි ප්‍රාර්ථනා කරනවා.
අපි ඔයා වෙනුවෙන් හැම වෙලාවකම ඉන්නවා. අපි ඔයාට ගොඩක් ආදරෙයි

TAGS
Share This